රාජිත සොයා CID මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

රාජිත සොයා CID මෙහෙයුම්

රාජිත සොයා CID මෙහෙයුම්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර පැය 24 ක පමණ කාලයක් ගත වුණද මේවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවි තිබෙනවා .

 

 
නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ උපදෙස් මත එම නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමකට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය. 

 


සුදු වෑන් සිද්ධිය පිළිබඳ මාධ්‍යහමුවක් පැවැත්වීමට අදාලව එම මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයින් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
එම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යරාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් දපනවනු ලැබුවේය.

 

 
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඒ මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් ඇති අතර එහි ඔහු නොසිටි බැවින් එම නිලධාරීන් ඉන් පිටව ගොස් තිබේ.

 


ඉන් අනතුරුව ඔවුන් කළුතර ප්‍රදේශයේ පිහිටි රාජිත සේනාරත්න මහතාගේ තවත් නිවසකට ගොස් පරීක්ෂා කර ඇති බව සදහන්. 

 

views

706 Views

Comments

arrow-up