පාඨලී හෙට දිනය (19) දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

පාඨලී හෙට දිනය (19) දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

පාඨලී හෙට දිනය (19) දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා හෙට දිනය (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අලුත්කඩේ අධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළා.

 

ඒඅනුව හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා බන්ධනාගාර බසයෙන් රැගෙන යාම සිදු වුණා.

 

අද සවස හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

 

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ  නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති  උපදෙස් අනුවයි.

 

හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වන්නේ නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනිය සඳහන් කළා.


 

views

638 Views

Comments

arrow-up