කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට

කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට

කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ගුවන් තොටුපොළ අවට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑමට කටයුතු කර තිබෙනවා.

 

කුවේට් සිට පැමිණි UL 230 හා සිට පැමිණි රියාද් UL 266 ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙක මෙසේ මත්තලට ගොඩ බැස්සවීය. පෙ.ව. 6.54ට හා පෙ.ව. 7.05ට මෙසේ ගුවන් යානා දෙක ගොඩ බැස්සවීමට කටයුතු කළා.

 

මෙම ගුවන් යානා දෙක කටුනායක අවට කාලගුණය යහපත් වීමෙන් පසුව යළි මත්තලින් පිටත්ව කටුනායක ගුවන් තොටුපොළේ ගොඩ බැස්සවීමට කටයුතු කළ බව පාලනාධිකාරිය සදහන් කරනවා.

views

682 Views

Comments

arrow-up