නැව් ආරක්ෂකයන්ගේ ගිනි අවි තොගයක් ගාලු මුහුදට වැටී අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

නැව් ආරක්ෂකයන්ගේ ගිනි අවි තොගයක් ගාලු මුහුදට වැටී අතුරුදහන්

නැව් ආරක්ෂකයන්ගේ ගිනි අවි තොගයක් ගාලු මුහුදට වැටී අතුරුදහන්

භාණ්ඩ ප්‍රවාහනය කරමින් ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤය බලා ගමන් කරමින් සිටි නෞකාවකට නැව් ආරක්ෂක සමාගමක් විසින් ගිනි අවි ලබාදීමට යාමේදී එයින් කොටසක් මුහුදට වැටී අතුරුදහන් වෙයි ඇති බව එම ගිනි අවි නැවට භාරදීමට ගෙනගිය යාත්‍රාවේ සිටි පුද්ගලයා ගාල්ල වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

 

මෙහිදී පැමිණිල්ල සිදුකළ පුද්ගලයාගේ යාත්‍රාවෙන් රුසියානු ජාතික නාවික කපිතාන්වරයෙකු සහ අදාල නැව් ආරක්ෂක සමාගමේ සාමාජිකයින් තිදෙනෙකු ගිනිඅවි සහ තවත් උපකරණ කිහිපයක් රැගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිළධාරීන් තිදෙනෙකු සමග ද අදාළ නෞකාව ගොඩබිම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

 

එම අවස්ථාවේදී ගාල්ල වරායට නාවික සැතපුම් 10 ක් පමණ ඈතින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී අදාළ ගිනිඅවි සහ අනෙකුත් උපකරණ තොගය දොඹකරයක් ආධාරයෙන් නැවට පැටවීමට යාමේදී අයහපත් කාලගුණික තත්ත්වය හා මුහුද රළු වීම හේතුවෙන් දොඹකරයේ නැව් බඳ කොටසේ වැදි අදාළ උපකරණ සහ අවි ආයුධ තොගය මුහුදට වැටී තිබෙනවා.

 

පසුව එම සිද්ධිය දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමග හා එම ස්ථානයට නාවික හමුදාවේ යාත්‍රා දෙකක් ගොස් සෝදිසි කිරීම් ආරම්භ කර තිබෙනවා. එහි දී මුහුදට වැටුණු ගිනිඅවි සහ උපකරණ වලින් කොටසක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා. කෙසේ නමුත් ඉතිරි කොටස සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇත්තේ නැහැ.

 

මේ සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබෙන බවද වාර්තා වනවා.

views

1313 Views

Comments

arrow-up