කොරෝනා අස්සේ යක්කුත් පිටියට ආවා (VIDEO)

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැනට රටතුළ සංචරන සීමා ක්‍රියාත්මක වන අතර එම සංචරන සීමා ක්‍රියාත්මක වන ආකාරය නීරික්‍ෂණය කිරීම සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද මෙහෙයුම් වල එක්ව සිටිනවා
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙම නිරීක්‍ෂණ කටයුතු සඳහා සහය දැක්වීමට යාපනය හා මහනුවර ප්‍රදේශයන් ආවරණය වන සේ යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායම්, පාබල ඒකක කණ්ඩායම් යොදාගනිමින් සිදුකරනු ලැබුවා.
මෙම මෙහෙයුම් සදහා යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි බල ගණයද යොදා ගැනීම විශේෂයක්.ඕනෑම අවස්ථාවක අදාළ ඉලක්කය වෙත යාමට පුහුණුවීම් ලද එම යතුරුපැදි බල ගණය මෙම මෙහෙයුමට එක් වීම නිසා නීති කඩන අයට දැන් ලේසි වෙන්නේ නැහැ.
මෙලෙස වීදී පුරා යුද හමුදා විශේෂ බලඝන යතුරුපැදි සැරි සැරීම නිසා නීති කඩන අයගේද අඩු වීමක් දක්නට ලැබෙනවා.
මෙම මෙහෙයුම ඉදිරියේදී සෙසු ප්‍රදේශවලත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
582 Views
Comments