උසස් පෙළ විභාගය කල්දැමේ ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

උසස් පෙළ විභාගය කල්දැමේ ?

උසස් පෙළ විභාගය කල්දැමේ ?

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට බොහෝ පාර්ශවයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

 

රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම වඩාත් සාධාරණ හා සුදුසු අයුරින් කල් දැමීම සඳහා සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 

එමෙන් ම, 2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාවට නැංවීම හා විභාගයට මුහුණදීමට අදාළ කරුණු සාර්ථක කරලීම වෙනුවෙන් අවශ්‍ය කාලෝචිත ක්‍රියාමාර්ග විෂයභාර ගුරුභවතුන්ගේ ද, විදුහල්පතිවරුන් සහ සිසුදරුවන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සිදුකිරීමට පියවර ගැනේ.

 

views

1003 Views

Comments

arrow-up