දක්ෂිණ අධිවේගයේ මාතර-හම්බන්තොට කොටස අද විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට බරවකුඹුක දක්වා කොටස අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වේ.
මෙම කොටස කිලෝමීටර් 56 ක දුරකින් සමන්විත වන අතර ඊට අයත් අන්තරු හුවමාරු මධ්‍යස්ථාන ගණන 05 කි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 222 කි.
බෙලිඅත්ත ප්‍රධාන පිවිසුම් මාර්ගය අසලදී විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙම කොටසේ සමස්ත දුරින් 20% ක ප්‍රමාණයක් කුළුණු මතින් දිවෙන හෙයින් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීමට ද හැකියාව ලැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
716 Views
Comments