මානව හිමිකම් සමුලුව හෙට ඇරඹේ - දූත කණ්ඩායමේ නායකත්වය දිනේෂ්ට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

මානව හිමිකම් සමුලුව හෙට ඇරඹේ - දූත කණ්ඩායමේ නායකත්වය දිනේෂ්ට

මානව හිමිකම් සමුලුව හෙට ඇරඹේ - දූත කණ්ඩායමේ නායකත්වය දිනේෂ්ට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිතයි. එය මාර්තු 20 වන දින දක්වා පැවැත්වෙනවා. එහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ. 

 

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන දූත පිරිසේ නායකත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දරනු ලබනවා. එහිදී රජය ගෙන ඇති තීරණය පිළිබඳ පෙබරවාරි 26 වන දින විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයින් දැනුවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

 

මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ සිදුකරනු ලබන වාචික කරුණු දැක්වීමට, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප‍්‍රතිචාර දැක්වීමටද නියමිතයි. 

 

මේ අතර ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග‍්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මේ වනවිටත් දැනුම් දී අවසන්. ඒ, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් හමුවූ අවස්ථාවේදීයි.

 

අදාළ තීරණය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇති බව එහිදී දැනුම් දී තිබෙනවා.

 

මේ අතර විදේශ සබදතා අමාත්‍යාංශය පැවසවේ ශ‍්‍රි ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අදාළ යෝජනාව ගෙන ආ එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල මෙරට සිටින තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි. 

 

views

671 Views

Comments

arrow-up