පාසල් විවෘත කිරීම, ගුරුවරුන්ට හා සිසුන්ට එන්නත් ලබා දීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

පාසල් විවෘත කිරීම, ගුරුවරුන්ට හා සිසුන්ට එන්නත් ලබා දීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

පාසල් විවෘත කිරීම, ගුරුවරුන්ට හා සිසුන්ට එන්නත් ලබා දීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.

 

එහිදී අවධානය යොමු ව තිබුණේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් යළි විවෘත කිරීම සහ ගුරුවරුන්ට සහ සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පිළිබඳවයි.

 

කොවිඩ් වසංගතය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත පෙන්වා දී තිබෙනවා.

 

එහි දී ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ ලබා ගැනීමේ ඇති හැකියාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන් ගෙන් විමසා තිබෙනවා

 

 අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ නැවත පාසල් ආරම්භ කරන අවස්ථාවලදී දරුවන්ගේ රෝග සහ ගැටළු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්නා ලෙසයි.

 

මේ අතර පාසල් දරුවන් එන්නත්කරණයේදී එන්නත් ලබාදිය යුතු ප්‍රමුඛත්වය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ නම් පළමුව 11 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එන්නත් ලබාදිය යුතු බවයි.

views

1272 Views

Comments

arrow-up