අන්තර්ජාල ගුණාත්මකභාවයෙන් ලංකාවට අන්තිම තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

අන්තර්ජාල ගුණාත්මකභාවයෙන් ලංකාවට අන්තිම තැන

අන්තර්ජාල ගුණාත්මකභාවයෙන් ලංකාවට අන්තිම තැන

රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානයට පත්ව තිබෙනවා

 

අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.

 

නිවෙදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නෙ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම,

පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද,

මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.

 

ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.

 

ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

 

views

738 Views

Comments

arrow-up