පොලිස් කොස්තාපල්වරයෙක් යටකර පලා ගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

පොලිස් කොස්තාපල්වරයෙක් යටකර පලා ගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරයෙක් යටකර පලා ගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුරුණෑගල - කොබෙයිගනේ - හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමේ නිරත ටිපර් රථයකට යට කර ඝාතනය කර පළාගිය ටිපර් රථයේ රියැදුරු නිකවැරටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍

 

එමෙන්ම සිද්ධියට සම්බන්ධ ටිපර් රථයද කුලියාපිටිය ප්‍රදේශයේදී සොයා ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

  

ඊයේ රාත්‍රියේ මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.



එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.



ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



ඉන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන ගිය අතර, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.



සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 32 හැවිරිදි දෙදරු පියෙක්.

 

views

705 Views

Comments

arrow-up