අරලගංවිල පොලිසිය වසාදමයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

අරලගංවිල පොලිසිය වසාදමයි

අරලගංවිල පොලිසිය වසාදමයි

අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු එම පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ  පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ බවත් එම වාර්තා ලැබෙන තෙක් අරලගංවිල පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යකෂවරයා ප්‍රකාශ කළා.


 
පොලිසියේ සියළුම දෙනා මේ වනවිට එම පොලිස් ස්ථානය තුළම නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවද ඒ මහතා පැවසුවා.

 

ඊට අමතරව කොරෝනා වයිරසය ආසාධිත එම පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති පවුල් 14කට අයත් පුද්ගලයෝ 53 දෙනෙකු සංචරණ සීමා පනවා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කියාසිටියා.


 
මෙම පිරිස අරලගංවිල, තමන්කඩුව, සිරිපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් වනවා.

 

views

669 Views

Comments

arrow-up