අතුරු ආබාධ ඇති වීම සාමාන්‍යයි; එන්නත් කරගන්න බියවෙන්න එපා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

අතුරු ආබාධ ඇති වීම සාමාන්‍යයි; එන්නත් කරගන්න බියවෙන්න එපා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අතුරු ආබාධ ඇති වීම සාමාන්‍යයි; එන්නත් කරගන්න බියවෙන්න එපා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ සාමාන්‍ය එන්නතක් මඟින්ද ඇති වන බව ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

 

එම නිසා එන්නත ලබා ගැනීමට කිසිදු ආකාරයකින් බිය විය යුතු නැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

 

මෙම එන්නත ලබාදීමට පෙර එන්නත ලබා දීමට සුදුසු ද නැද්ද යන්න පිළිබඳව අනිවාර්යෙන් සොයා බලන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

"කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු සුළු අතුරු ආබාධ ඇති වූවොත් අනිවාර්යයෙන්ම රෝහලට ඇතුළත් කර සුළු වේලාවක් විවේචනය කිරීමෙන් පසු අවස්ථාවක් නොමැති නම් ගෙදර යවනවා. අපි දැක්ක සමහර මාධ්‍ය හරහා සංසරණය වුණා. සමහර රෝහල් වල විශාල සංඛ්‍යාවක් ඇඩ්මිට් කර තිබෙනවා කියලා ඒ වගේම විවිධ අතුරු ආබාධ එනවයි කියලා. අපිට වාර්තා වන තොරතුරු අනුව අපි මෙය සොයල බැලුවා. සෑම කෙනෙකුටම පාහේ එන්නත දීමේදී සුළු අතුරු ආබාධයක් ඒමේ ඉඩක් තිබෙනවා. ඒ තමා මද උණත් සමහර විට ඇඟපත රිදීම ඒ වගේම ඇඟ මැළිකම කලාතුරකින් ඔක්කාරය වමනය... ඒ වගේ දෙයක් එන එක ඕනෑම එන්නතත් ගත්තහම ඒ ආකාරයෙන් සිද්ධ වුණා. ඒක බරපතළ අතුරු ආබාධයක් විදිහට අපි සලකන්නේ නෑ. ඒ නිසා උණ ගැනීම හෝ එවැනි ආබාධයක් මේ එන්නතේ තිබෙන භයානක තත්ත්වයක් ලෙස පිළිබිඹු කරන්න එපා. සෑම කෙනෙකුටම මේ ඉන්නද ලැබිය යුතු ද නැද්ද එහෙමත් නැත්නම් නො දීමට සිදු වන අවස්ථාවක් තියෙනවද කියල අපි පුද්ගලිකව පුද්ගලිකව කතා කරලා පරීක්ෂණ කරලා තමා ලබාදෙන්නේ. එසේ නොදිය යුතුයි කියල හිතෙන කිසිම කෙනෙකුට අපි වෙන්නද දෙන්නෙත් නෑ..."

views

791 Views

Comments

arrow-up