අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං  නිරිත දිශාවෙන් හමා එයි.

 

ත්‍රිකුණාමලය  සිට මුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම  හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළගේ වේගය  පැ.කි.මී. (30-40) පමණ වේ.  එම මුහුදු  ප්‍රදේශවල  සුළගේ වේගය  විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක. 

 

සෙසු මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

 

ත්‍රිකුණාමලය  සිට මුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම  හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ විටින් විට රළුවිය හැක.  

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ  මඳ  වශයෙන් රළු විය හැක.

views

212 Views

Comments

arrow-up