බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා

බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා

බස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේය.

 

මේ වන විට අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බවත් එහෙත් තත්ත්වයක තවමත් 100% ක් පාලනය කොට නොමැති බවත් ඔහු සදහන් කරයි.

 

මැයි 4 වනදා රට යථා තත්ත්වයට පත් කල හැකි විම හෝ නෝවිම පිලිබඳව දැනට අනාවැකි පලකල නොහැකි බවත් කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම ුධික සුපරික්ෂාව පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

 

30 දිනයේ පමණක් පි.සි.ආර් පරික්ෂණ 1397 සිදු කර ඇති බවත් පරික්ෂණ වලට සාපෙක්ෂව රෝග ආසාදිතයින් හමු වන්නේ සුළු වශයෙන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

 

කෙසේ වෙතත් මෙම රෝගය පාලනයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මහජනතාව විසින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදිම බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

views

841 Views

Comments

arrow-up