කොරෝනා මරණ 7000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

කොරෝනා මරණ 7000 ඉක්මවයි

කොරෝනා මරණ 7000 ඉක්මවයි

ලොව පුරා මේ වන විට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 7000 ඉක්මවා (7,164) තිබේ.

 

මින් ඉහළම නව මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඉතාලියෙන් වන අතර එය 349 ට අධික සංඛ්‍යාවක් ලෙස සඳහන් වේ. ඉතාලියේ වාර්තා වූ සමස්ත මරණ ගණන වන්නේ 2158 කි.

 

ඉතාලියේ වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 3233 කට අධික බව පැවසෙන අතර සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 27,980 ලෙස සටහන් වේ. ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 2749 ලෙස සටහන් වේ.

 

මීට අමතරව ඉරානයේ නව මරණ 129 ට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. සමස්ත මරණ ගණන 853 කි. නව ආසාදන 1053 කි. සමස්ත අසාදන සංඛ්‍යාව 14,991 කි.

 

වසංගත තත්වය ක්‍රමයෙන් පහව යන චීනයේ වාර්තා වූ නව ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 21කට අධික වන අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,881 කි. ඉන් ද සුව වූ පුද්ගලයින් සංඛ්‍යාව 68,688 කි. නව මරණ සංඛ්‍යාව 13 කට ඉහළ අගයක් යැයි වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 3226 ලෙස සටහන් වේ.

 

ඒ අතරම ස්පාඥ්ඥයේ වාර්තා වූ සමස්ත මරණ ගණන 342 ක් ද, ප්‍රංශයේ වාර්තා වූ සමස්ත මරණ ගණන 148 ක් ද, බ්‍රිතාන්‍යයේ සමස්ත මරණ ගණන 55 ලෙසද සටහන් වේ.

 

මීට අමතරව සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 182,550 ලෙස සටහන් වන අතර, රෝගී තත්වයෙන් සුවවූ පිරිස 79,881 ලෙස සටහන් වේ.

views

608 Views

Comments

arrow-up