පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ්‍රීලනිප සැරසෙයි?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ්‍රීලනිප සැරසෙයි?

පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ්‍රීලනිප සැරසෙයි?

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවී වෙන්ව තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සාකච්ඡාවක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් එල්ල වන දැඩි විවේචන හේතුවෙන් තවදුරටත් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ශ‍්‍රීලනිප පිරිසකගේ පිරිසගේ අදහස වී ඇත.

 

මේ සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන ඇතුලත පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීන්දුවක් සාකච්ඡා කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

 

කෙසේ වෙතත් දැනට ශ‍්‍රීලනිප ඉහල පෙලේ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ මොන යම් තත්ත්වයක් මත වුවද පොහොට්ටුව සමග සන්ධානගතව තරග කළ යුතු බවයි.

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුසු ප්‍රකාශය නිසා දෙපාර්ශ්වය අතර මතගැටුම් උත්සන්න විය.

views

2392 Views

Comments

arrow-up