යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකුට දිවි අහිමිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකුට දිවි අහිමිවෙයි

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකුට දිවි අහිමිවෙයි

හංවැල්ල, ඇඹුල්ගම, පනාගොඩ මාර්ගයේ ජල්තර ප්‍රදේශයේ දී පෙරේදා (15) සවස යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවකු මරුමුවට පත්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

 

අනතුරින් මියගොස් ඇත්තේ රණාල, දැඩිගමුව පදිංචිව සිටි විමුක්ති නමැති පාසල් සිසුවෙකි.

 

අනෙක් යතුරුපැදියේ පැමිණි 77 හැවිරිදි පැදිකරුද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

 

සිසුවා පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මාර්ගයේ දකුණට එක්වරම හැරවීමේ මෙම අනතුර සිදුව තිබේ.

 

සිසුවා පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී ඇතැයි පොලිසිය කීය.

views

229 Views

Comments

arrow-up