පොලිසියේ 4ක් ගිය යතුරුපැදි 2ක් ගැටී තිදෙනෙක් රෝහල්ගත කෙරේ

රත්මලාන, බොරුපන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් පොලිසියේ තිදෙනකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනකු වන්නේ පොලිස් වංචා විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු හා ඔහුගේ බිරිඳ වන ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොස්තාපල්වරියකි.
කොළඹ වංචා විමර්ශන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයා රාජකාරි විවේකය ලබා සිටියදී ඔහුගේ යතුරුපැදියෙන් දිවා රාජකාරියට බිරිඳ ඇරලවීමට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු සහ පිළියන්දල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු තවත් කොස්තාපල්වරයකු ගමන්ගත් යතුරුපැදියක් පොලිසියේම යුවළ ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විමර්ශන පවත්වයි.
201 Views
Comments