කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ නෞකාවක ගින්නක්

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඊයේ (11) අලුයම ගිනි ගැනීමෙන් නෞකාව තුළ තිබුණු භාණ්ඩ ද සමග සියලු දෑ ගින්නෙන් දැවී ගොස්, විශාල පිපිරීමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය.
එහිදී ක්‍රියාත්මක වූ වරාය අධිකාරියේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඬපැවැත්වූ බවද ගින්නෙන් නැවට හා භාණ්ඩවලට සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් සොයා ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් වරාය අධිකාරිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
204 Views
Comments