කොළඹට නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් ඕනෑ – රෝසි

ජාත්‍යන්තර කීර්තියට පත් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පිළිරුවක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය එහි මහා සභාවට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබිසා ජී. මාර්ක්ස් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බව ද, මෙම ප්‍රතිමාව කොළඹ මහජන පුස්තකාලයේ ස්ථාපනය කිරීමට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය කැමැත්ත පළ කර ඇති බව ද නගරාධිපතිනියගේ එම යෝජනාවේ සඳහන් වේ.
නෙල්සන් මැන්ඩෙලා පදනම ද මෙම ඉල්ලීම් කර ඇති බව සහ එය මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීම යෝග්‍ය බව ද නගරාධිපතිනියගේ එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.
666 Views
Comments