ගව මස් නිසා ඇතිවන පිළිකාව ගැන අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ගව මස් නිසා ඇතිවන පිළිකාව ගැන අනාවරණයක්

ගව මස්  නිසා ඇතිවන  පිළිකාව ගැන අනාවරණයක්

ගව මාංශ ආහාරයට ගැනීමෙන් හටගත් පිළිකා හේතුවෙන් වසරකට ලොවපුරා පුද්ගලයින් 85,000ක පමණ පිරිසක් මියයන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ගව මාංශ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ්අඩවියේ ඒ පිළිබඳව පැහැදිළිව පළකර ඇති බව ද හෙතෙම පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව හරක් මස් වැනි "රතු මාංශ" වර්ග ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩි වශයෙන් ඇති විය හැකි බවත් පිළිකා වර්ධනය වීමේ හැකියාව 18%කින් ඉහළ යන බවත් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව සකස් කිරීම සඳහා ඉන්ටනැෂනල් ඒජන්සි ෆෝ රීසච් ඔන් කැන්සර් (IARC - International Agency for Research on Cancer) නමැති ආයතනය වෙත පවරා තිබුණි.

 

views

838 Views

Comments

arrow-up