රියදුරාට මිරිස් කුඩු ගසා තරුණ යුවලක් ත‍්‍රීවිල් රථයක් පැහැර ගන්න හදයි..

ත‍්‍රීරෝද රථයකින් කුලි ගමනක් යන මුවාවෙන් පාලූ මාර්ගයක ත‍්‍රීවිල් රථය රැගෙන ගොස් ත‍්‍රීවීල් රියදුරාට මිරිස්කුඩු ප‍්‍රහාරයක් සහ පහර දි තිවුණු ආයුධ වලින් තුවාල සිදු කොට ත‍්‍රීවිල් රථය රැුගෙන පාලා යාමට උත්සාහ කිරිමේදි ගම්වාසින් සහ පොලිසිය එක්ව එම යුවල අත්අඩංගුවට ගැනිමේ සිද්ධියක් හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
හෙම්මාතගම නගරයේ බස්නැවතුම ඉදිරිපිට ඇති කුලි ත‍්‍රීරෝද රථයක් ලබා ගෙන ඊයේ පස්වරුවේ සිංහරාජ ගම්මානය දෙසට කුලි ගමනක් ගොස් එම මාර්ගයේ අතුරු මාර්ගයක් සහිත පාලූ ස්ථානයකදි ත‍්‍රීරෝද රථ රියදුරාට මිරිස් කුඩු ගසා එම කුලි ගමන ගිය යුවල එක්ව ත‍්‍රීරෝද රථ රියදුරාට තිවුණු ආයුධයකින් කැපිම් කිහිපයක්ද සිදු කර ඇති බව පොලිසිය පවසයි.
කුලි ත‍්‍රීරෝද රථ ගමනට එක් වු 55 හැවිරිදි තිදෙරු පියෙකු වන හෙම්මාතගම ගිනිහප්පිටියේ පදිංචි එම්.ජේ.එම්.නජබුදීන් යන අය මේ වන විට හෙම්මාතගම රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත.
985 Views
Comments