උසාවියෙන් නඩු විසි කලාට ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැදවිය හැකියි.. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නෑ..
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

උසාවියෙන් නඩු විසි කලාට ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැදවිය හැකියි.. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නෑ..

උසාවියෙන් නඩු විසි කලාට ජනාධිපතිට පැරණි පාර්ලිමේන්තුව කැදවිය හැකියි..  ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නෑ..

කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණය ජනතාව විසින් ඉල්ලා සිටි මැතිවරණයක් නොවුන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

 

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආච්චි මහතා පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා ඔහුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව කැඳවන ලද්දක් බවයි.

 

මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සම අධිකරණය හමුවේ දී ප්‍රතික්ෂේප වූ වුවද ජනාධිපතිවරයාට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.

 

 

පවතින නිරෝදායන නීති රෙගුලාසි අනුව මැතිවරණය පැවැත්වීමට යාමේදී යම් බාධාවන් ඊට ඇති වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

 

එනිසාම පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බවද ඔහු පැවසීය.

 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

 

 
මේ ඡන්දය ජනතාව ඉල්ලූ ඡන්දයක් නොවේ. නිරෝදායන නීති ඡන්දෙට හරස් වේවි..!

මේ ඡන්දය ජනතාව ඉල්ලූ ඡන්දයක් නොවේ. නිරෝදායන නීති ඡන්දෙට හරස් වේවි..! Youtube Link - https://youtu.be/Ab0RdWrwoTU

Posted by Headline News on Tuesday, June 2, 2020

 

views

648 Views

Comments

arrow-up