තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ගැන නඩුව කල් යයි - අනුරගේ සෞඛ්‍ය වාර්තාවක් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ගැන නඩුව කල් යයි - අනුරගේ සෞඛ්‍ය වාර්තාවක් කැඳවයි

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ගැන නඩුව කල් යයි - අනුරගේ සෞඛ්‍ය වාර්තාවක් කැඳවයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

 

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 31 වනදා දක්වා කල් තැබුණා.

 

ඒ දරුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද අධිකරණයට පෙනීසිටිය නොහැකි බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීමක් සමගයි.

 

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සිද්ධියේ තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

views

824 Views

Comments

arrow-up