අද දිනට මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවේ වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

අද දිනට මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවේ වෙනසක්

අද දිනට මරණ 4ක් - මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවේ වෙනසක්

අද දිනට කොරෝනා ආසාදිත මරණ හතරක් වාර්තා වනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 332ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

 

ඊයේ දින ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 ක් ලෙස වාර්තා කර තිබුණා.

 

එය නිවැරැදි කරමින් අද දිනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඊයේ දින අංක 6 සහ 7 යන මරණයන් ප්‍රමාද දෝෂයකින් නැවත වාර්තා කර ඇති බවයි.

 

 

views

846 Views

Comments

arrow-up