කඩවත සිට මීරිගම දක්වා අධිවේගයේ කටයුතු මන්දගාමි - මහාමාර්ග ඇමතිවරයා වහාම වාර්තාවක් කැදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

කඩවත සිට මීරිගම දක්වා අධිවේගයේ කටයුතු මන්දගාමි - මහාමාර්ග ඇමතිවරයා වහාම වාර්තාවක් කැදවයි

කඩවත සිට මීරිගම දක්වා අධිවේගයේ  කටයුතු මන්දගාමි -  මහාමාර්ග ඇමතිවරයා වහාම වාර්තාවක් කැදවයි

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

 

 

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අධිවේගී මාර්ගයේ කටයුතු නිසි ලෙස සිදු නොවන බවට කරුණු දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම නියෝගය සිදු කළේය.

 

ඒ මහතා මෙසේ නියෝග කරනු ලැබුවේ ඊ්යේ (07) පාර්ලිමේන්තුවේ පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

 

ඒ අනුව අධිවේගී මාර්ගයේ කටයුතු වහා කඩිනම් කරන ලෙස නියෝග කළ අමාත්‍යවරයා තමන් සමඟ ඉදිකිරීම් කටයුතු නැරඹීමට පැමිණෙන ලෙස සියලු‍ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා ඉක්මනින් දිනයක් ද ලබා දෙන බව පැවසුවේය.

 

ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වුවද දෙවන ගෙවීම සිදු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ අතර වහාම එම ගෙවීම් නතර කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කළේය.

 

සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

 

 

views

608 Views

Comments

arrow-up