කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ

කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

 

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

 

මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ,සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත .

 

කෝවිඩ් වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

 

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය.

 

එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ඉස්ලාම් භක්තිකයන් ගේ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

 

 

 

 

views

519 Views

Comments

arrow-up