මෙරට තුල වසරකට ළමා අපයෝජන 10,000ක් - ළමා මව්වරුන් 50ක්

මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බවට හ`දුනාගෙන ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
ශී‍්‍ර ලංකාවේ දිස්ත‍්‍රික්ක 25න් වසරකට ළමා අපයෝජන 10,000ක් පමණ ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, මින් මොනරාගල, පොළොන්නරුව,අනුරාධුපර වැනි දිස්ත‍්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධීන් විශාල වශයෙන් වාර්තාවන බවද සඳහන් කරයිි.
ළමා අපයෝජන හා හිංසන නිසා වසරකට මොනරාගල දිස්ත‍්‍රික්කයෙහි ළමුන් 500 දෙනකු පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
එමෙන්ම මොනරාගල දිස්ත‍්‍රික්කයේ වසරකට ළමයින් 10 දෙනකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ද ඒ මහතා පවසයි.
608 Views
Comments