තවත් ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයන් 71 දෙනෙකු මෙරටට පැමිණියා. ඕමානයේ මස්කට් නුවර සිට 19 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 35 ක් සහ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට 17 ක් මෙලෙස පැමිණි බවයි සිත නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
ඊයේ රාත්‍රීයේ සහ අද අලුයම පැමිණි මෙම ගුවන් මගින් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ක්‍රීඩා පිටියක සහ පාළමක් යට රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පිටත්ව යෑමට නියමිත තිබනෙවා.
ඒ සදහා මේ වනවිට ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. එම ගුවන් මගීන් පිරිස අනිද්දා වනවිට මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්.
731 Views
Comments