මිතුරු සාදයක් වටලයි - මත් මුද්දර, මත්කුඩු සමඟ 9ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

මිතුරු සාදයක් වටලයි - මත් මුද්දර, මත්කුඩු සමඟ 9ක් අත්අඩංගුවට

මිතුරු සාදයක් වටලයි - මත් මුද්දර, මත්කුඩු සමඟ 9ක් අත්අඩංගුවට

ගාල්ල, තෙලිකඩ, දීපගොඩවත්ත ප්‍රදේශයේ පවත්වමින් සිටි මිතුරු සාදයක් වැටලීමේදී මත් මුද්දර සහ මත්කුඩු භාවිත කරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු තෙලිකඩ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(26) පස්වරුවේ සිදුකළ වැටලීමේදී රුපියල් එක්ලක්ෂ හැටදහසක පමණ වටිනාකමකින් යුත් මත් මුද්දර හතලිහක්, රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනාකමකින් යුත් මත් පෙති විස්සක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු ද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් මහනුවර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

 

views

960 Views

Comments

arrow-up