දෛනික වැටුප රුපියල් දහසක් නොකළොත් වතු රජයට පවරා ගැනීමේ තීරණයක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නා බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා වතු හාම්පුතුන්ට අනතුරු අඟවා ඇත.
වතු පාඩු ලබන බව කියමින් කම්කරු වැටුප ඉහළ දැමීමට මැළිවන හාම්පුතුන් දිගින් දිගටම වතු කරගෙන යාම පුදුම සහගත බව ද මෙහිදී ඇමැතිවරයා පවසා ඇත.
අධික ලෙස පාඩු ලබන්නේ නම් එම වතු නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇති අමාත්‍යවරයා එම වතු ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි බව ද පෙන්වා දී ඇත.
වතු නිවාස, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, වතු රෝහල් රජයට පවරා ගෙන වතුකරයේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සිදු කරන්නේ ද රජය විසින්.
එබැවින් වතු සමාගම්වලට විශාල මුදලක් ඉතිරි වන බව අවධාරණය කර ඇති ඇමැතිවරයා වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක් ලබා දෙන බව ද වතු හාම්පුතුන් හමුවේ පවසා ඇත.
826 Views
Comments