අපි වෙනම තරග කරනවා, ආසන 25 ක් ෂුවර් - පේෂල ජයරත්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

අපි වෙනම තරග කරනවා, ආසන 25 ක් ෂුවර් - පේෂල ජයරත්න

අපි වෙනම තරග කරනවා, ආසන 25 ක් ෂුවර් - පේෂල ජයරත්න

පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් හා පාක්ෂිකයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම් තවදුරටත් ඉවසිය නොහැකි බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසනවා. 

 


 
ඒ අනුව මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවාද එසේ නැතහොත් තවදුරටත් කෙණෙහිලිකම් විඳිමින් පොහොට්ටුව සමග සිටිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

 


 
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රීලනිපය සතුව ඡන්ද ලක්ෂ 17 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, ඒ අනුව මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට තනිව තරග කර ආසන 25 කට වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි බවත් පේෂල ජයරත්න මහතා අවධාරණය කරයි.

 


 
මෙම ගැටලුව පිළිබඳ අවසන් තීරණය හෙට (12) පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ගනු ඇති බවද ජයරත්න මහතා පෙන්වා දෙනවා.

 

views

1478 Views

Comments

arrow-up