රිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුට

මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.
කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ කොන්ක්‍රිට්ගල් ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් තරුණයින් සිව් දෙනා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු සිව් දෙනාම මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකු බව සදහන්.
මැණික්හින්න පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
633 Views
Comments