චිනයේ සිට එන සිසුන් දියතලාව හමුදා කඳවුරට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

චිනයේ සිට එන සිසුන් දියතලාව හමුදා කඳවුරට

චිනයේ  සිට එන සිසුන් දියතලාව හමුදා කඳවුරට

චීනයේ වුහාන් සිට පැමිණෙන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති වෙන් වූ කාමර වෙත යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය.

 


ජනාධිපතිවරයාගේ ද  උපදෙස් පරිදි ආරක්‍ෂිත පියවරක් ලෙස මෙම තීරණයට එළඹ තිබේ.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදීය.

 


ඒ අනුව අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරමින් සති දෙකක කාලයක් යන තුරු එම සිසුන් රඳවාගැනීමට අවශ්‍ය උපදෙස් දී ඇති බවයි වන්නිආරච්චි මහත්මිය පැවසුවේ. 

 


මේ අතර චීනයේ සිට පැමිණ සිටින සංචාරකයන් හා රැකියා බලපත්‍ර හිමි සියලු දෙනා රැඳී සිටින ස්ථානවල සිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද ඇය මෙහිදී කියාසිටියාය. 

 

views

693 Views

Comments

arrow-up