ජපානයේ පැතිර යන මස්කන බැක්ටීරියාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ජපානයේ පැතිර යන මස්කන බැක්ටීරියාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්

ජපානයේ පැතිර යන මස්කන බැක්ටීරියාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය‍. 

"ඒක සාමාන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක්. කලාතුරකින් එකේ ප්‍රතිඵලයක් සහ සංකූලතාවයක් විදිහට මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන්. ජපානය වාර්තා කරලා තියෙන්නේ බැක්ටීරියා තත්ත්වයෙන් ඇතිවෙන සංකූලතා තත්ත්වයේ යම් වැඩිවීමක් මෑත කාලයේ නිරීක්ෂණය කළා කියලා. ඒ වගේම තමයි ප්‍රතිජීවක ඖෂධවලින් මේක වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එකේ මහා පැතිරීමක් සිද්ධවෙයි කියලවත්, අපේ රටට බලපෑමක් ඇතිවෙයි කියලවත් අනියත බියක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ."

views

226 Views

Comments

arrow-up