AUG
11
ඊයේ දිනයේ දී තවත් කොරෝනා රෝගීන් 23ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 23 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
මෙලෙස වෛරසය ආසාදනය වූ බවට වාර්තා වන්නේ සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි රැඳවියන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගතව සිටින රෝගීන් 263 දෙනෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2867 දෙනෙකු වන අතර ඉන් රෝගීන් 2593 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
805 Views
Comments