සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය ජනාධිපති වීම රටට නරක තත්වයක් - සුමන්දිරන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තේ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පවසයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳ තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි. මෙම මැතිවරණයෙන් පෙනී යන්නේ ජනවාර්ගික ප්‍රශ්නය මේ රට තුළ තවම තිබෙන බව යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.
එනිසා මෙම ගැටලු නොතකා කිසිත් නොකර සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි බවද පැවසූ මන්ත‍්‍රීවරයා සුළුතර ජනතාව ජනාධිපතිවරයාට විශ්වාසය පළ නොකරන්නේ මන්දැයි සෙවිය යුතු බව සඳහන් කළා.
4219 Views
Comments