SEP
10
දියත උයන අසළ පාලම යටින් මළ සිරුරක් මතුවෙයි

පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දුව පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා. මෙලෙස හමුවී ඇත්තේ වයස අවුරුදු 50ක පමණ පිරිමි මළ සිරුරක්. බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති පොල්දූව පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. එම පුද්ගලයා ජලයට වැටී ගසා ගෙන විත් එම ස්ථානයේ රැඳී ඇත්දැයි හෝ ඝාතනය කිරීමක් දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
954 Views
Comments