මහජන දිනයේදී ඇමතිවරු හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශයේ රැදී සිටීම අනිවාර්යයි – ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

මහජන දිනයේදී ඇමතිවරු හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශයේ රැදී සිටීම අනිවාර්යයි – ජනපති

මහජන දිනයේදී ඇමතිවරු හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශයේ රැදී සිටීම අනිවාර්යයි – ජනපති

සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

 


මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මහජන දිනයේදී රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී නොසිටින බවයි.
ඒ පිළිබඳව අවධානය යොමුකරමින් ජනපතිවරයා ඉහත දැනුම් දීම සිදුකර තිබේ. මෙහිදී මහජනතාව ඉදිරිපත් කරන ගැටලුවල හැකි තරම් ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබා දෙන ලෙස ජනපතිවරයා දැනුම් දී තිබේ

 

views

905 Views

Comments

arrow-up