20 වන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

20 වන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

20 වන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

 

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතියෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගනු ලැබුවා.

 

 

ඉන් අනතුරුවයි ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත යොමු කළේ,

 

ඒ් අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත දෙසතියකින් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලබන අතර අනතුරුව එය විවාද කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කරගත යුතු වනවා.

 

එම ගැසට් නිවේදනය පහතින්.

http://www.documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf

views

943 Views

Comments

arrow-up