ගුවන් තොටුපළේ කුලීරථ මාෆියාවට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය ආසන්නයේ තහනම් කලාපයේ රැඳී සිටිමින් දෙස් විදෙස් ගුවන් මගීන්ට අනවශ්‍ය බලපෑම් කළ සහ එම පරිශ්‍රයේ රැඳී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 ත් 68 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් පිරිසක්.
ඔවුන් ආඬිඅම්බලම, මිනුවන්ගොඩ, මීගමුව, හතරලියද්ද, වලස්මුල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.
එම බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශය මගින් මෙම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සැකසුනු ලියාපදිංචි කුලීරථ සේවාවන්ට එම ගුවන් තොටුපළ පරිශ්‍රය අවට සිටින ඇතැම් පාර්ශව මගින් විවිධ තර්ජන සහ බලපෑම් සිදුකර තිබෙනවා .එවැනි තර්ජන සහ බලපෑම් සිදු කෙරෙන වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
4623 Views
Comments