"හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

"හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත කෙරේ

"හොඳ හිත නෙළුම් බුදු කුලුන” විවෘත කෙරේ

තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (18) විවෘත කලා

 

“හොඳ හිත නෙළුම් බුදු කුලුන” මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවකි.

 

ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරේ නන්ද හිමියන් විසින් එම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.

 

අගමැතිවරයා කුලුන විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කරනු ලැබුවා

 

අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අගමැතිවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.

 

 

views

821 Views

Comments

arrow-up