රැකියා ලක්ෂයක් ලබාදීමට අයදුම්පත් කැඳවීම අවසන් – සම්මුඛ පරික්ෂණ 26 වනදා සිට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

රැකියා ලක්ෂයක් ලබාදීමට අයදුම්පත් කැඳවීම අවසන් – සම්මුඛ පරික්ෂණ 26 වනදා සිට

රැකියා ලක්ෂයක් ලබාදීමට අයදුම්පත් කැඳවීම අවසන් – සම්මුඛ පරික්ෂණ 26 වනදා සිට

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් සදහා රැකියා ලක්ෂයක් ලබා දිමේ වැඩපිළිවෙලට අයදුම්පත් කැඳවීම අවසන් වුණා.

 

ඊයේ (15) දිනය වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ග‍්‍රාම නිලධාරින් මාර්ගයෙන් යොමුකර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. එම අයදුම්පත‍්‍ර ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් ලබන 25 වනදාට පෙර නිසි පරිදි ලේඛනගත කිරිමට නියමිතයි.

 

රැකියා සදහා සුදුසුකම් ලබන පුද්ගලයන්ට ලබන 26 වනදා සිට දින පහක කාලයක් අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලදි හෝ නම් කරන ස්ථානයකදි සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි අමාත්‍යාංශ ලේකම් කේ ජී ධර්මතිලක මහතා ප‍්‍රකාශ කළේ.

 

තෝරා ගන්නා පිරිස ලබන මස 02වනදා සිට රැකියා පුහුණුවිම් සදහා යොමු කෙරෙනවා. පුහුණු කාල සීමාවේදි රුපියල් විසි දහස් පන්සියක වැටුපක් ඔවුන්ට ලබාදෙන අතර ලබන ඔක්තෝබර් මස පළවනදා සිට ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීමයි සැලසුම වී තිබෙන්නේ.

views

1062 Views

Comments

arrow-up