යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනමක්

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සියලු දෙනාටම නවක සිසුන්ට අමානුෂික නවකවදය ලබා දීමේ චෝදනාවට එම මණ්ඩප භූමිය අද (10) සිට තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත.

 

කිලිනොච්චිය මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඒවා ජංගම දුරකතන ඔස්සේ පටිගත කර ජ්‍යේෂ්ඨ සිසුන්ට ලැබීමට සලස්ස වන ලෙසට බලපෑම් කර අමානුෂිකව නවක වදය ලබා දී තිබේ.

 

මේ හේතුවෙන් එම සිදුවීම් පිළිබඳව අරඹා ඇති පරික්ෂණ කටයුතු අවසන් වනතුරුම මෙම තහනම පැනවීමට විශ්ව විද්‍යාලය පාලන අධිකාරිය තීරණය කර ඇත.

 

නවකවදය දීමේ සිදුවීම් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පරිපාලන අංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂම විසින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කොට ඇති අතර අදාල නවක වදය ලබා දුන් සිසුන් පිරිසක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවටද වාර්ථා වෙයි.

 

ජ්‍යේෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට නවකවදය දීමේදී පිටතට තොරතුරු ලබා නොදෙන ලෙසට සිදු කළ විවිධ තර්ජන ද මේ වන විට අනාවරණය වෙමින් පවතින බවත් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ජ්‍යේෂ්ඨ සිසුන් සියලු දෙනාට කිලිනොච්චිය මණ්ඩපය තහනම් කර ඇති අතරම නවකවදය ලබා දීමේ සිද්ධියට වරදකරුවන්ට උපරිම විනයානුකූල පියවර ගැනීමට ද යාපනය විශ්වවිද්‍යාල පරිපාන අංශය විසින් තීරණය කර ඇත.

views

1050 Views

Comments

arrow-up