20 සම්මත වන්නේ සංශෝධන සහිතවයි…– අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

20 සම්මත වන්නේ සංශෝධන සහිතවයි…– අගමැති

20 සම්මත වන්නේ සංශෝධන සහිතවයි…– අගමැති

යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එබැවින් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයකට තම සංශෝධන ඉදිරිපත් කළ හැකි බවද අගමැතිවරයා කීවේය.
මෙය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ඉදිරිපත් කෙරෙන අතුරු සංශෝධනයක් බවත් ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කර අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ගෙන එන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරමින් ජනතා මතයට කන්දී නිවැරදිව කටයුතු කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය බවත් අඩුපාඩු තිබේනම් පෙන්වාදීමට රටේ පුරවැසියන්ට පුළුල්ව අවස්ථාව තිබෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය

 

views

670 Views

Comments

arrow-up