හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්… KP වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්… KP වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්

හිටපු ජනපතිගේ අත්සන් 21,000 ලෝක වාර්තාවක්…  KP වගේ අර්ජුන් මහේන්ද‍්‍රන් අල්ලන් එන්න සූදානම්

කොටි සංවිධානයේ ප්‍රබලයෙක්ව සිටි KP විදේශයක සැගවී සිටියදී මෙරටට ගෙන ආ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්ද මෙරටට ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

 

ඒ සදහා වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව දැනගෙන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විටත් තම නම පවා වෙනස් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

 

අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් 21,000 ගැසූ බවට කළ ප්‍රකාශය ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් කලේ නම් එය ගිනස් වාර්තාවක් ඇති බවයි.

 

views

747 Views

Comments

arrow-up