ගැසට් නිවේදනයක් නිකුත් වෙයි - දේශීය අල වගාකරුවන්ට හොද කලක්

ආනයනික අර්තාපල් සඳහා බදු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව අර්තාපල් කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 50 සිට 55 දක්වා ඉහළ යනු ඇති.
විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදුකර ඇති එම බදු ඉහළ නැංවීම මාස හතරක කාලයක් සඳහා ක්‍රියාත්මකයි.
දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ මිලක් ලබාදීම සහතික කිරීම මෙලෙස ආනයනික අර්තාපල් බදු ඉහළ නැංවීමට හේතුව වනවා.
මේ අතර, ආනයනික ටින්මාලු කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 150ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 6ක් දක්වා අඩු කර තිබෙනවා.
ධීවර අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය ටින්මාලු නිෂ්පාදන කර්මාන්තකරුවන් එම අමාත්‍යංශයේ නිර්දේශ සහිතව ආනයන කරනු ලබන ජැක් සහ හෝස් මැකරර් වර්ගයේ මසුන් සඳහා පමණක් මෙම බදු සහනය හිමිවන බවයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් පත්‍රයක දැක්වෙන්නේ.
829 Views
Comments