රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට අන්තර්ජාලයට

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය හෙට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරෙණු ඇති.


ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තෝරා ගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි එම අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ඔවුන් වෙත යොමු කරනු ලබන බවයි.

 

පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

 

පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.

 

ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

views

737 Views

Comments

arrow-up