සයින්දමරුදු පිළිබඳ පෙත්සමත් සමතයකට පත්වෙයි

සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සමතයකට පත්වුණා.
සයින්ද මරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට අදාළව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සයින්දමරුදු පදිංචිකරුවන් දෙදෙනෙකු විසිනුයි මෙම පෙත්සම මීට පෙර ගොණු කර තිබුණේ.
පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබී ඇති බැවින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුවන් තීරණය කළා.
මෙම පෙත්සම අද දින කැඳවූයේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
666 Views
Comments